srilankan tourism industy [ sinhala language]

 Written by : Sure Rajapaksha




ශ්රි ලංකාවේ සංචාරක කර්මාන්තය
මනස්කාන්ත භූ විශමතාවලින් හා සංස්කෘතිකාංගවලින් සමන්විත ශ්රි ලංකාව සංචාරකයන් ගේ නෙත් සිත් ඇද බැද ගන්නා මනස්කාන්විත සංචාරක පුරවරයකි.
ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ලෙස හැදින්වෙනේ යටත් පිරිසෙයින් දිවයිනේ එක් රාතියක් හෝ ශ්රී ලංකාවේ ගත කරන ආගන්තුකයෝය.ශ්රී ලංකාවේ ප්රධාන සංචාරක කලාප 7ක් ඇති අතර එම කලාප 7 වර්ධනයෙන් මෙරට ආදායම් උපයන ප්රධාන මාර්ගයන් එළි දැක්වේ.කොළඹ ,මහා කොළඹ ,දකුණු වෙරළ,නැගෙනහිර වෙරළ ,උස්බිම් ප්රදේශ,පුරාතන නගර,ශ්රී ලංකාවේ උතුරු ප්රදේශ ප්රධාන සංචාරක කලාප නම් වේ.මෙරට සංචාරක ආකර්ශනය දිනූ ස්ථානයන් නැරඹීමට දෙස් විදෙස් සංචාරක ඉමහත් කැමැත්ත ඇති වී තිබෙන්නේ එම ස්ථානවල පවතින පාරිසරික ,සංස්කෘතික ,සමාජීය වශයෙන් ඇති වටිනාකම නිසාය .ඒ අනුව ජාත්යන්තර සංචරණය හා දේශීය සංචරණය ලෙස මෙරට සංචාරක කර්මාන්තය ප්රධාන කොටස් දෙකකින් සමන්විත වේ.විදේශිකයන් මෙරටට පැමිණ සංචාරය කිරීම ජාත්යන්තර සංචරණය ලෙස හැදින්විය හැකි අතර මෙරට පුද්ගලයන් විවිධ අවශ්යතා ඇතුව සංචාරය කිරීම දේශීය සංචරණය නම් වේ.
සංචාරකයින්ගෙන් ආකර්ශනය මෙතරම් මෙරටට ලැබීමට ඉවහල් වූ හේතු සාධක තුනක් ඇත.එනම් ශ්රී ලංකාව කුඩා දිවයිනක් වූවත් එහි භෞතික පදනමේ ඇති විවිදත්වය ,එසේම සීමිත ප්රදේශයක් තුළ පවත්නා විවිදත්වය හා කෙටි කලක් තුළ ඒවාට ළං වීමට හැකිවීම.එසේම මෑත කාලය තුල සංචාරක ක්ශේත්රයේ නව ප්රවණතා වර්ධනය විම .එනම් කදූ නැගීම ත්රාසජනක ක්රීඩා,දේශීය ආහාර පාන ,දේශීය වෙද සේවය වැනි සාදක වේ.මෙරට දළ දේශීය ආදායම කෙරෙහි සංචාරක කර්මාන්තයේ ඇති බලපෑම ගසට පොත්ත සේ බැදී පවතී.එම සමාජීය ,සංස්කෘතික වශයෙන්ද පරිසරාත්මක වශයෙන්ද වැඩි බලපෑම් එල්ල කරන අංශයක් බවටද පත්ව තිබේ.ඈත අතීතයේ පටන් ශ්රී ලංකාවට උරුම වූ භෞතික හා මානව පදනම සංචාරක කර්මාන්තයේ වර්ධනයට ඉවහල්ව ඇත.එසේම විවිධ වර්ගයේ සංචාරක අවස්තාවන් සපයන සංචාරක ගමනාන්තක් වශයෙන් ශ්රී ලංකාව වැදගත් වේ.මෑත යුගයේ රාජ්ය අනුග්රහය නිසා සංචාරක කර්මාන්තය වර්ධනය වී ඇත.
සංචාරක කර්මාන්තයේ වර්ධනය හා පසුබෑම ගත්කළ එහි ප්රභවය පසුගිය කාල වකවානුව වනවිට මෙසේ සිදුව ඇත.2001-2014 තෙක් සංචාරක කර්මාන්තය සීග්ර ලෙස වර්ධනය වුවද 2008-2009 වර්ශවල එය සීග්ර ලෙස අඩු වී ඇත.එම කාල සීමාවලද වැඩි වශයෙන්ම ඉන්දියාව එක්සත් රාජධානිය ,ජර්මනිය ,මාලදිවයින,ප්රංශය ,රුසියාව වැනි රටවල් මෙරටට වැඩි වශයෙන් පැමිණි රටවල් වේ.මෑත කාලයේ 2018 වන විට මෙරට සංචාරක කර්මාන්තය උපරිම තලයකට පැමිණි බව මෙරට මාධ්යයෙන් අනාවරණය වුණි.එවිට මෙරට සංචාරක ආදායම ඩො.බි.4.3 ක් වුණි.එසේ සංවර්ධනය වූ සංචාරක කර්මාන්තය 2019 සාහසික පාස්කු ප්රහාරය සමග යම්තාක් දුරට බිද වැටුණි.ඒ වර්ශයේ එරට ආදායම ඩො.බි.3.6 කි.එසේම කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2020 වර්ශයේ මෙරට සංචාරකයින් 577004 ක සංචාරක ප්රමාණයක් මෙරටට පැමිණි අතර ව්ව් වර්ශයේ ආදායම ඩො.මි.682 .

Comments